Google සහ iFixit විසින් Pixel දුරකථන අලුත්වැඩියාව වඩාත් පහසු කිරීම සඳහා කටයුතු කරන්න මේ වෙනකොට ගිවිසුමකට අත්සන් කරල තියනවා. ඒ අනුව මේ වසර අග භාගයේදී iFixit.com හරහා Google Pixel දුරකථනවල original කොටස් එක් එක් වශයෙන් සහ kits ආකාරයෙන් මිලදී ගැනීමට හැකියාව ලැබේවී. මේ සමාගම් දෙකම මේ සහයෝගීතාවය පිලිබඳව තමන්ගෙ blog අඩවි වලින් නිවේදනය කරල තිබුනා.
Google ආයතනය ප්‍රකාශ කරනව මේ විදිහට Pixel 2 සිට Pixel 6 Pro දුරකථන දක්වා සියලු මාදිලි වල කොටස් ලබාදෙන්න කටයුතු කරනව කියල, ඒ වගේම ඉදිරියේදි එන්න නියමිත Pixel දුරකථන වලත් කොටස් මෙලෙස මිලදී ගන්න හැකියාව ලැබේවී. මේ පහසුකම Pixel දුරකථන නිල වශයෙන් අලෙවි වන ඇමරිකාව, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ යුරෝපා රටවල් වල ක්‍රියාත්මක වේවී.
හොදම Webhosting වලටa2 Hosting
iFixit කියන්නෙ ඉලෙක්ට්‍රොනික උපාංග අලුත්වැඩියාව සඳහා කොටස් අලෙවි කරන සහ අවශ්‍ය උපදෙස් නොමිලේ ලබාදෙන ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න වෙබ් අඩවියක්. ඉදිරියේදී ඒ මගින් Pixel දුරකථන සඳහා original screens, batteries, cameras සහ වෙනත් කොටස් පවා අලෙවි කිරීම ආරම්භ කරාවී. තමාගෙ කැඩුණු දුරකථනය තමන් විසින්ම අලුත්වැඩියා කිරීමට මැලිවෙන පිරිස් වලට වලට ඇමරිකාවේ සහ කැනඩාවේ ඇති බලයලත් uBreakiFix මධ්‍යස්ථාන වලින් ඒක කරගන්නත් හැකියාව ලැබේවී. මේ වගේ හවුල්කාරීත්වයක් ජපානයේ, එංගලන්තයේ සහ ජර්මනියේ දුරකථන අලුත්වැඩියා කරන සමහර මධ්‍යස්ථාන එක්කත් ඇති කරගන්න Google ආයතනය කටයුතු කරල තියනවා.
Samsung ආයතනයත් iFixit එක්ක එකතු වෙලා මේ වගේ අලුත්වැඩියා කිරීමට අවශ්‍ය කොටස් ලබාදෙනවා, නමුත් ඔවුන් එලෙස ලබාදෙන්නෙ S20, S21, සහ Tab S7+ යන devices වලට පමණයි. මෙලෙස කොටස් ලබාදීම ඉදිරියේදී තවත් models වලටත් පුළුල් කරන්න Samsung බලාපොරොත්තු වෙනව කියල සඳහන් වෙනවා. තමන්ගෙ උපාංග අලුත්වැඩියා කරල පාවිච්චි කරනවට එතරම් කැමති නැති Apple සමාගම පවා මේ වෙනකොට තමන්ගෙම සේවාවක් ආරම්භ කරල අලුත්වැඩියා කොටස් නිකුත් කරන්න කටයුතු කරගෙන යනව කියල වාර්තා පල වෙනවා.
In English Aviar Cinematic Pictures, or ACP, is a film production company. It was conceptualized by Dinida Kariyawasam at the age of 16 in 2023. ACP is a revolutionary film production company that challenges traditional Sri Lankan cinema. It operates under Aviar Group and is one of its subsidiary companies, along with other affiliated cinema and integrated companies. Aviar strives to maintain a good vertical integration with products, services, productions, and applications, aiming to provide the Sri Lankan audience with an exceptional experience and strong emotions. The company focuses on exploring different genres and creating an extraordinary cinematic experience using advanced technological tools, aiming to produce creations that were previously unimaginable in Sri Lanka. While many ideas and proposals are under consideration, ACP remains at the conceptual stage. At the time of publishing this, I am a few months away from celebrating my 18th birthday. This idea has been ...
Comments
Post a Comment