Skip to main content

Posts

Showing posts from May, 2022

Lapsus$ හැකර් කණ්ඩායමේ නායකයා සොයා ගැනේ #Dinida_Kariyawasam

පසුගිය සතිවල අපි අපි වාර්තා කරපු විදිහට Lapsus$ නමැති hacking කණ්ඩායමක් විසින් ලෝකයේ ලොකුම tech companies කිහිපයක්ම hack කරල තිබුනා. ඒ අතර Nvidia, Samsung, Ubisoft, Okta, සහ Microsoft වගේ ආයතන තිබුනා. මේ වෙනකොට වාර්තා වෙන විදිහට එංගලන්තයේ ජීවත් වෙන teen කෙනෙක් තමයි මේ කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරල තියෙන්නෙ. මෙසේ hack වීමට ලක්වුන සමාගම් වෙනුවෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම් 4ක් ප්‍රකාශ කරල තියන විදිහට මේ තරුණය තමා මේ hacking ප්‍රහාර වල මහමොළකරු වශයෙන් ඉඳල තියෙන්නෙ. එහෙම උනත් “White” සහ “breachbase,” යන අන්වර්ථ නාමයන් භාවිතා කරපු මේ තරුණයා වෙත නීතිමය වශයෙන් තවමත් චෝදානාවක් එල්ල වෙලා නෑ. ඒ වගේම Lapsus$ විසින් සිදු කරපු හැම ප්‍රහාරයකටම මොහු සම්බන්ධ වෙලා තියනව කියලත් ඔප්පු කරගන්න තවමත් හැකි වෙලා නැති බවයි වාර්තා වෙන්නේ. හොදම Webhosting වලටa2 Hosting Lapsus$ hacking කණ්ඩායමේ සාමාජිකයින් ඉන්නෙ එංගලන්තයේ පමණක් නෙවෙයි. එක් සැකකරුවෙක් ජීවත් වෙන්නෙ බ්‍රසීලයේ කියලයි වාර්තා වෙන්නෙ. එකිනෙකට වෙනස් ගිණුම් 7ක් පමණ මේ කණ්ඩායමේ ක්‍රියාකාරකම් එක්ක සම්බන්ධ වෙලා තියන බවක් පර්‍යේෂකයින් සඳහන් කරනවා. මේ අත...

NFT වල අදුරු පැතිකඩ #Dinida_Kariyawasam

NFT ගැන ලොකු කතාවක් – NFT වල invest කරන්න. කොහොමද කරන්නෙ? මොනාද මේ NFT? අරයත් NFT වලින් මෙච්චරක් හොයල. මෙන්න මේ වගේ කතා ගොඩක් පහුගිය කාලෙ ඔයාට ඇහෙන්න ඇති. ඇත්තටම NFT එකක් කියන්නෙ මොකක්ද? මේකෙ Concept එක මොකක්ද? මේ හරහා ඇත්තටම Unlimited වූ Digital Goods වලට Artificial Rarity එකක් ඇතිකරල හදන්න උත්සහ කරන වෙළදපොල මොකක්ද? මේ හැම දෙයක් ගැනම විස්තර සහිතව Video එකක් මම අරගෙන ආව. මේ Video එක බලන්න අවශ්‍ය අයට ලිපිය අවසානයේ Video එක දාල තියෙනව. හොදම Webhosting වලටa2 Hosting කොහොම වෙතත් මේ NFT වලදි විශාල මුදලකට විකිණුන Digital Art එකක් නොවන දෙය තමයි Twitter නිර්මාණය කරපු Jack Dorsey ගෙ පළමු Tweet එකට ඇති අයිතිය. මේක මිලදී ගත්ත Sina Estavi කියන පුද්ගලය මේකට ඇමරිකානු ඩොලර් මිලියන 2.9ක් ගෙව්ව. මේ වගේ විශාල මුදලකට 2021 අවුරුද්දෙ ගත්ත මේ NFT එක 2022 අප්‍රේල් 9 වෙනිද Sina Estavi විසින් ඇමරිකානු ඩොලර් මිලියන 48කට විකිණීමට Auction එකක් සංවිධානය කලා. මේ වගේ NFT එකක් අවුරුද්දක් තුල අඩුම තරමින් දෙගුණයක් වත් මිළ ඉහල යන්න අවශයයි. නමුත් Auction එකේදි ලැබුන ලොකුම ලංසුව උනේ කාටත් අදහාගත නොහැකි ගණනක්. වැඩිම...

Google සහ iFixit එකතුවෙන් Pixel දුරකථන අලුත්වැඩියාව පහසු කිරීමට පියවර #Dinida_Kariyawasam

Google සහ iFixit විසින් Pixel දුරකථන අලුත්වැඩියාව වඩාත් පහසු කිරීම සඳහා කටයුතු කරන්න මේ වෙනකොට ගිවිසුමකට අත්සන් කරල තියනවා. ඒ අනුව මේ වසර අග භාගයේදී iFixit.com හරහා Google Pixel දුරකථනවල original කොටස් එක් එක් වශයෙන් සහ kits ආකාරයෙන් මිලදී ගැනීමට හැකියාව ලැබේවී. මේ සමාගම් දෙකම මේ සහයෝගීතාවය පිලිබඳව තමන්ගෙ blog අඩවි වලින් නිවේදනය කරල තිබුනා. Google ආයතනය ප්‍රකාශ කරනව මේ විදිහට Pixel 2 සිට Pixel 6 Pro දුරකථන දක්වා සියලු මාදිලි වල කොටස් ලබාදෙන්න කටයුතු කරනව කියල, ඒ වගේම ඉදිරියේදි එන්න නියමිත Pixel දුරකථන වලත් කොටස් මෙලෙස මිලදී ගන්න හැකියාව ලැබේවී. මේ පහසුකම Pixel දුරකථන නිල වශයෙන් අලෙවි වන ඇමරිකාව, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ යුරෝපා රටවල් වල ක්‍රියාත්මක වේවී. හොදම Webhosting වලටa2 Hosting iFixit කියන්නෙ ඉලෙක්ට්‍රොනික උපාංග අලුත්වැඩියාව සඳහා කොටස් අලෙවි කරන සහ අවශ්‍ය උපදෙස් නොමිලේ ලබාදෙන ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න වෙබ් අඩවියක්. ඉදිරියේදී ඒ මගින් Pixel දුරකථන සඳහා original screens, batteries, cameras සහ වෙනත් කොටස් පවා අලෙවි කිරීම ආරම්භ කරාවී. තමාගෙ කැඩුණු දුරකථනය තමන් විසින්ම අලුත්වැ...