Google සහ iFixit විසින් Pixel දුරකථන අලුත්වැඩියාව වඩාත් පහසු කිරීම සඳහා කටයුතු කරන්න මේ වෙනකොට ගිවිසුමකට අත්සන් කරල තියනවා. ඒ අනුව මේ වසර අග භාගයේදී iFixit.com හරහා Google Pixel දුරකථනවල original කොටස් එක් එක් වශයෙන් සහ kits ආකාරයෙන් මිලදී ගැනීමට හැකියාව ලැබේවී. මේ සමාගම් දෙකම මේ සහයෝගීතාවය පිලිබඳව තමන්ගෙ blog අඩවි වලින් නිවේදනය කරල තිබුනා. Google ආයතනය ප්‍රකාශ කරනව මේ විදිහට Pixel 2 සිට Pixel 6 Pro දුරකථන දක්වා සියලු මාදිලි වල කොටස් ලබාදෙන්න කටයුතු කරනව කියල, ඒ වගේම ඉදිරියේදි එන්න නියමිත Pixel දුරකථන වලත් කොටස් මෙලෙස මිලදී ගන්න හැකියාව ලැබේවී. මේ පහසුකම Pixel දුරකථන නිල වශයෙන් අලෙවි වන ඇමරිකාව, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ යුරෝපා රටවල් වල ක්‍රියාත්මක වේවී. හොදම Webhosting වලටa2 Hosting iFixit කියන්නෙ ඉලෙක්ට්‍රොනික උපාංග අලුත්වැඩියාව සඳහා කොටස් අලෙවි කරන සහ අවශ්‍ය උපදෙස් නොමිලේ ලබාදෙන ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න වෙබ් අඩවියක්. ඉදිරියේදී ඒ මගින් Pixel දුරකථන සඳහා original screens, batteries, cameras සහ වෙනත් කොටස් පවා අලෙවි කිරීම ආරම්භ කරාවී. තමාගෙ කැඩුණු දුරකථනය තමන් විසින්ම අලුත්වැ...
Something is performing according to the my point of view.